Friday, October 28, 2016

මොකද්ද මේ කලී ලිනක්ස් කියන්නෙ.

ඔයාල දන්නවනෙ ඩෙබියන් පාදක මෙහෙයුම් පද්ධති විශාල ප්‍රමාණයක් තියෙනව කියල,ඒ වගේ ඩෙබියන් පාදක තව එක මෙහෙයුම් පද්ධතියක් තමයි කලී ලිනක්ස් කියන්නෙත්.හරියට අපි ගොඩක් අය පාවිච්චි කරන උබුන්ටු වගේම තමයි.

එතකොට මේකෙ තියෙන විශේෂත්වය මොකද්ද?
ඔෆෙන්සිව් සෙකියුරිටි කියන ආයතනය තමයි මේ මෙහෙයුම් පද්ධතිය දියුණු කරන්න කටයුතු කරන්නෙ.
මේක නිර්මාණය කරල තියෙන්නෙම විශේෂයෙන්ම විනිවිදුම් පරීක්ෂාව (Penetration test) ස්දහාම තමයි.
ඒ සදහා අවශ්‍ය වෙන ටූල්ස් එහෙම නැතිතම් යෙදුම් මෘදුකාංග 600 කටත් අධික ගානක් ස්ථාපනය කරලම තියෙනව.

මොකද්ද එතකොට මේ පෙන් ටෙස්ටින් කියන්නෙ?
මේ කියන්නෙ පරිඝණකයක එහෙම නැත්තම් පද්ධතියක තියෙන ආරක්ෂක දුර්වලතා හොයාගන්න ඒකට පහරදීම එහෙම නැත්තම් සම්මත විදියට නැතුව හොර පාරකින් ප්‍රවේශවෙන්න උත්සාහ කරන එකට.එහෙමත් නැත්තම් ප්‍රවේශ වෙන එකට.

අන්න ඒක හින්ද තමයි කලී ලිනක්ස් කියද්දි අපේ කට්ටියට හැකින් මතක් වෙන්නෙ,(Mr.robot) බැලුවනම් ඔයාලත් දකින්න ඇති ගොඩක් වෙලාවට හැක් කරද්දි ඒකෙ පාවිච්චි කරන්නෙත් කලීම තමයි.
හැබැයි මම කලින් කිව්ව වගේම හැක් කරනව කියන්නෙ නම් අපි චිත්‍රපටිවල එහෙම දකිනව වගේ සින් ගාල කරන්න පුලුවන් දෙයක් නෙමෙයි ඉතින්.මට නම් ඒ ගැන දන්නවා කියන්න තරම් වත් දැනුමක් නැහැ වගෙයි.

No comments:

Post a Comment