ඔයාල දන්නවනෙ ඩෙබියන් පාදක මෙහෙයුම් පද්ධති විශාල ප්‍රමාණයක් තියෙනව කියල,ඒ වගේ ඩෙබියන් පාදක තව එක මෙහෙයුම් පද්ධතියක් තමයි කලී ලිනක්ස් කියන්නෙත්.හරියට අපි ගොඩක් අය පාවිච්චි කරන උබුන්ටු වගේම තමයි.
එතකොට මේකෙ තියෙන විශේෂත්වය මොකද්ද?
ඔෆෙන්සිව් සෙකියුරිටි කියන ආයතනය තමයි මේ මෙහෙයුම් පද්ධතිය දියුණු කරන්න කටයුතු කරන්නෙ.
මේක නිර්මාණය කරල තියෙන්නෙම විශේෂයෙන්ම විනිවිදුම් පරීක්ෂාව (Penetration test) ස්දහාම තමයි.
ඒ සදහා අවශ්‍ය වෙන ටූල්ස් එහෙම නැතිතම් යෙදුම් මෘදුකාංග 600 කටත් අධික ගානක් ස්ථාපනය කරලම තියෙනව.
මොකද්ද එතකොට මේ පෙන් ටෙස්ටින් කියන්නෙ?
මේ කියන්නෙ පරිඝණකයක එහෙම නැත්තම් පද්ධතියක තියෙන ආරක්ෂක දුර්වලතා හොයාගන්න ඒකට පහරදීම එහෙම නැත්තම් සම්මත විදියට නැතුව හොර පාරකින් ප්‍රවේශවෙන්න උත්සාහ කරන එකට.එහෙමත් නැත්තම් ප්‍රවේශ වෙන එකට.
අන්න ඒක හින්ද තමයි කලී ලිනක්ස් කියද්දි අපේ කට්ටියට හැකින් මතක් වෙන්නෙ,(Mr.robot) බැලුවනම් ඔයාලත් දකින්න ඇති ගොඩක් වෙලාවට හැක් කරද්දි ඒකෙ පාවිච්චි කරන්නෙත් කලීම තමයි.
හැබැයි මම කලින් කිව්ව වගේම හැක් කරනව කියන්නෙ නම් අපි චිත්‍රපටිවල එහෙම දකිනව වගේ සින් ගාල කරන්න පුලුවන් දෙයක් නෙමෙයි ඉතින්.මට නම් ඒ ගැන දන්නවා කියන්න තරම් වත් දැනුමක් නැහැ වගෙයි.
Friday, October 28, 2016
පොඩි හැදින්වීමක් මේ ලිපි එකතුව ගැන.
මෙම ලිපි හුදෙක් මා දන්නා යම් දෙයක් කියවන ඔබගේ සාමාන්‍ය දැනීමට එකතු කිරීමට දරණ උත්සාහයක් පමණක් වන අතර,හැක් කිරීමට ඉගැන්වීමක් නොවෙයි.
මෘදුකාංගයක් හො යම් පරිගණකයක් හැක් කිරීමක් නැතහොත් අනවසරයෙන් ඇතුල්වීමක් යනු කිසිසේත්ම පහසුවෙන් කල හැක්කක් නොවන අතර,මෘදුකාංග සන්වර්දනය ගැන කෙලපැමිණි දැනුමක් ඇති අයකුට පමණක් කල හැක්කකි.
මෙම ලිපි පෙල තුල මා කලී ලිනක්ස් මෙහෙයුම් පද්දතිය භාවිතය සහ එහි පිහිටුවා ඇති මෘදුකාංග භාවිතය ගැන මා දන්නා දැනුම බෙදා ගැනීමට අදහස් කරන අතර යම් යම් අඩු පාඩු වේ නම් හො අතපසු වූ යමක් ඇතොත් කනගාටුවන අතර නිවැරදි කිරීම් ස්තූතිවන්තව භාර ගනිමි.
ඒ වගේම ඔයාල දන්න දෙයක් තියෙනවනම් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා.

Subscribe to:
Comments (Atom)