අපිට පුලුවන් තරම් අපේ ටාගට් එක ගැන විස්තර හොයාගන්න ඔනනෙ.
මෙතනදි අපිට ගොඩක් වෙලාවට පාවිච්චි කරන්න පුලුවන් අන්තර්ජාලය,සමාජ ජාලා අඩවි,ඊළගට රැකියා ඇබර්තු තියෙන අඩවි හො පත්තර එහෙම තව තාක්ෂණික ගැටළු ගැන කතාකරන ෆොරම් ඒව....
අපි බලමු කොහොමද මේව පාවිච්චි කරන්නෙ කියල.
අපි මොකඛරි ආයතනයක පරිගණක ජාලයකට වගේ ඇතුල් වෙන්න හදනවනම් අපිට පුළුවන් ගූග්ල් එක පාවිචි කරල හො මේ වගේ අඩවි පාවිච්චි කරල එහෙම නැත්තම් අදාල ආයතනයේ අඩවි පාවිච්චි කරල ඒකෙ වැඩ කරන අයව හොයාගන්න,ඊළගට අපිට මෙයාලගෙ සමාජ ජාල අඩවි හොදට පරිශීලනය කරොත් මේ එක එක්කෙනා මොන සිස්ටම් ගැන වැඩ කරන අයද?මොන මෘදුකාංග ගැනද මේ අය ක්‍රියා කරන්නෙ කියල දැනගන්න පුළුවන්....
ඒ වගේම මෙයාල ෆොරම් වල අහල තියෙන ප්‍රශ්න වලින්,දීල තියෙන උත්තර වලිනුත් අපිට අදහසක් ගන්න පුලුවන් මෙයාල ක්‍රියාකරන්නෙ මොනව ගැනද කියල.....
සමරවිට මෙයාල අහල තියෙන ප්‍රශ්න වලට හේතුව අපි හොයන පද්දතියෙම තියෙන දොෂයක් වෙන්න පුලුවන්....
උදාහරණයක් විදියට අපි හිතමු,අදාල පද්ධතියෙ ක්‍රියා කරන කෙනෙක් (ඔපන් ස්ස්ච්) ගැන අහල තියෙනව කියල,අපි බලනව අහල තියෙන දවස,ඊළගට අපි බලනව මෙයා අදාල සමාගමේ වැඩකරන කාල සීමාවෙ අහපු දෙයක්ද කියල,ඒක එහෙම නම් සමහර විට මේ සර්විස් එක අපි හොයන පද්දතියෙ වැඩකරන එකක් වෙන්න පුලුවන් නොවෙන්නත් පුළුවන්,හැබයි අපි මේක සටහන් කරල තියාගන්න එක වටිනව,
මොකද පද්දතියක දොෂයක් තියෙන්නෙ කලාතුරකින් ඒක නිසා අපි හොයාගන්න හැම පොඩි දෙයක්ම අපේ ඉලකකය සාර්ථක කරගන්න වැදගත් එකක් වෙන්න පුළුවන්.
ඒ වගේම රැකියා ඇබැර්තු වල මේ සමාගමෙන් දාල තියෙන එවගෙ එක එක මෘදුකංග වල ප්‍රවීනයො ඉල්ල තියෙනවනම් අපිට හිතන්න පුලුවන් මේ මේ මෘදුකාංග අදාල ජාලයෙ තියෙන පරිගණක වල පාවිචිචි කරනව ඇති කියල.මේ තොරතුරුත් සටහන් කරල තියාගන්න එක ඉදිරි පියවරවල් වලදි වැදගත් වේවි.
දැන් අපි බලමූ....මේ විදියට මීට වඩා වැඩි විස්තර ටිකක් හොයාගන්න කලී වල තියෙන තියෙන ටූල්ස් පාවිච්චි කරල කොහොමද කියල.මෙතනදි මන් කතා කරන්නෙ ගොඩක් වෙලාවට පාවිච්චි කරන යෙදුම් කීපයක් ගැන විතරයි,මේවට අමතරව ඔන තරම් යෙදුම් විශාල ප්‍රමාණයක් හොයාගන්න පුළුවන් අන්තර්ජාලයෙන්,
හැබැයි ඒ හැම එකම පාවිච්චි කරන්න යන එකනම් කොහෙත්ම හොද දෙයක් නෙමෙයි මෘදුකාන්ග සන්වර්ධනය ගැන දැනුමක් නැත්තම් මොකද,ඒ ස්ක්‍රිප්ට් ඒවයින් අපේ පරිගණකයට වෙන කෙනෙකුට ඇතුල් වෙන්න පාර ලේසියෙන්ම අපිම හදල දෙනව වෙන්න පුළුවන්....
අහ් ඒ වගේම තව දෙයක්,ඔය සමහර අය එක එක වීඩියො වල එහෙම තියෙන විදියට විනාඩියෙන් දෙකෙන් තුනෙන් හැක් කරන්න කියල එක එක දන්නෙ නැති කමාන්ඩ් ටයිප් කරනව,අපිට පොඩි හරි අවබොධයක් නැත්තම් කරන දේ ගැන ඒ වගේ ඒව නොකර ඉන්න තරමට හොදයි මොකද අන්තිමට අපිට වෙන කෙනෙක්ට අපේ පරිගණකයට ඇතුල් වෙන්න ඉඩ හදල දෙන එක තමයි ගොඩක් වෙලාවට ඒවයින් වෙන්නෙ
- Nmap.
- Whois lookup.
- Theharvester.
- Maltego.
- Goofile.
- Wireshark.
- Wpscan.
මේ ටූල් පාව්චි කරන විදිය අපි බලමු ඊළගට,
ගොඩක් වෙලාවට අපි ටර්මිනල් එක පාවිච්චි කරල තමයි මේ හැමදේම වගේ කරන්නෙ,හේතුව රූප තියෙන අතුරුමුහුනතකට වඩා ඉක්මට වේගෙන් අපිට වැඩකරගන්න පුලුවන් නිසා....එකපාරට නුහුරු උනත් හුරු උනාම මේකෙ තියෙන පහසුව තේරෙනව....